Cloud Computing


අන්තර්ජාලය වර්තමානයේ ජීවත්වන අපට අලුත් දෙයක් නොවේ. අන්තර්ජාලය ඔස්සේ අපට ලබාගත හැකි ප්‍රයෝජන  හා සේවාවන් අති මහත් ප්‍රමාණයක් තිබේ. අන්තර්ජාලය ඔස්සේ ලබාදෙන මෙවන් සේවාවන් පිළිබදව සාකච්ඡා කිරීමේදී බහුලවම කතා බහට ලක්වන චචනයක් ලෙසින් Cloud Computing යන්න හැදින්විය හැකිය. අන්තර්ජාල සේවාවන්ගේ තවත් සියුම්  අවස්ථාවක් ලෙසින් මෙය හැදින්වීමේ වරදක් නැත.


       වෙනත් ආකාරයකින් සදහන් කරන්නේ නම් තොරතුරු තාක්ෂණික මෙවලම්වලට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශවීමේ ක්‍රමයක් ලෙසින් Cloud Computing යන්න හැදින්විය හැකිය. මෙම සේවාව සපයන්නන් විසින් අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාරික යෙදවුම් හෙවත් Business Applications ඔබට ලබාදෙයි. මේවාට ප්‍රවේශවීමට කිසිදු මෘදුකාංගයක් ඔබගේ පරිගණකයේ පිහිටුවා ගැනීමට අවශ්‍ය වන්නේ නැත. තිබිය යුත්තේ අන්තර්ජාල සබදතාවයක් සහිත පරිගණකයක් හා Web Browser එකක්  පමණි. අවශ්‍ය මෘදුකාංග සියල්ල හා දත්ත තැම්පත් කර තිබෙන්නේ අත්තර්ජාලයට සම්බන්ධිත Server යකය .

       ඔබට අවශ්‍ය කාර්යයන් ඔබගේ පරිගණකයෙන් සිදුකර එම දත්ත තැම්පත් කළ යුත්තේ ද  Server තුලයි. පසුව එම දත්තවලට ලෝකයේ කිනම් ස්ථානයක සිට වුවද අත්තර්ජාල සබදතාවයක් සහිත පරිගණකයක් ඔස්සේ ප්‍රෙව්ශ විය හැකිය. මෙම  Applications සියල්ල ආකාර කිහිපයක් යටතේ වර්ග කළ හැකිය. එනම් සේවාවක් වශයෙන් පවත්නා මෘදුකාංග Software as a Service (SaaS), උපයෝගීතා සංගණක (Utility Computing), අන්තර්ජාල සේවාවන්, ක්‍රමික සේවා සපයන්නන් Managed Service Providers (MSP) ආදී වශයෙනි.


       මෙම තාක්ෂණය යොදාගැනීමට අපේක්ෂාවෙන් සිටින අයට ඒ සදහා විශාල මුදලක් වැය කිරීමට අවශ්‍ය වන්නේ නැත. ඔවුන් කළ යුත්තේ තෙවන පාර්ශවීය සේවා සපයන්නෙකුගෙන් සුළු මුදලක් ගෙවා සේවාව ලබාගැනීමයි. ඔබ පරිගණක ජාලයේ තිබෙන සම්පත් සියල්ල ප්‍රයෝජනයට ගන්නේ සේවාවක් වශයෙනි. එසේම ඔබට ගෙවීමට සිදුවන්නේ ඔබ පරිහරණය කරන සේවාවන්ට පමණි.

       මේ අනුව Cloud Computing යනුවෙන් හදුන්වන්නේ පරීශීලකයන්ගේ අවශ්‍යතා අන්තර්ජාලය තුලින්ම, තම පරිගණකයේ කිසිදු මෘදුකාංගයක් සථාපිත නොකර සිදුකරගත හැකි සේවාවකි. මෙය මුල්වරට ආරම්භ වුයේ 2009 වර්ෂයේය. නිදහස් හා විවෘත මෘදුකාංගවලින් මේ සේවාව විශාල දායකත්වයක් ලබාදෙයි.

ඉතිහාසය
       Cloud යන වචනය මෙහිදී යොදා ගැනෙන්නේ දුරකථන ක්‍රමයක් හෙවත් දුරකථනයක් (telephone) යන අර්ථයෙනි. 1990 දශකය පමණ වන තුරු දත්ත පරිපථ හෙවත් Data Circuits වලින්  සමන්විත වි තිබුණේ රැහැන් සම්බන්ධතාවයක් යටතේය. ලෝකයේ විවිධ  රටවල තිබෙන පරිගණක එකිනෙක සම්බන්ධ කිරීමට මේවා භාවිත කළේය. පසු කාලිනව ඇතැම් දුරකථන සමාගම්වලින් වෙනස් ආකාරයේ පරිගණක ජාල ක්‍රමයක් හදුන්වා දුන්නේය. එය Virtual Private Network (VPN) යනුවෙන් හදුන්වයි. පරිගණක අතර දත්ත හුවමාරු කරගැනීම සදහා මෙය දිගු කාලයක් සාර්ථකව භාවිත විය.

       මෙම ක්‍රමය  භාවිතයෙන් නෙට්වර්ක්  එක තුල තදබදය හෙවත් ට්‍රැෆික් තත්වය මනා ලෙස අතර තොරතුරු හුවමාරු කර ගැනීමේ හැකියාවක් ලැබුණි. Cloud Computing සංකල්පය මුල්වරට ඉදිරිපත් කරන ලද්දේ 1960 වර්ෂයේ John McCarthy විසිනි.

       ඔහු එකල සදහන් කළේ පරිගණක යොදාගෙන සිදුකරන ගණනය කිරීම් පොදු උපයෝගීතාවයක් ලෙසින් පවත්වාගෙන යා යුතු බවයි. නමුත් මෙම වචනය ජනප්‍රිය වූයේ 1990 වර්ශයේය. ඒ සිවිසල් සමමුහුර්තක සම්ප්‍රෙෂණ ක්‍රමයක් හෙවත් Asynchronous Transfer Mode (ATM) එකක් වශයෙනි. 2007 වර්ශයේදී Google සහ I.B.M. සමාගම් විසින් විශාල පරිමාණයේ Cloud Computing පර්යේෂණ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි.














Comments

Popular posts from this blog

ස්ටීවන් හෝකින් (Stephen Hawking)

Performance Testing in Software Testing

Why Functional testing?