ස්ටීවන් හෝකින් (Stephen Hawking)

මේ දවස් වල හැමෝම කතා වෙන දෙයක් තමයි කව්ද මේ ස්ටීවන් හෝකින් කියන්නේ කියලා. ඉතින් අපි අද බලමු කව්ද මේ විශ්වයේ අබිරහස් විසදපු තාරකා මිනිසා කියලා.

වර්ෂ 1942 ජනවාරි මාසයේ 8 වෙනිදා ඈත විශ්වයේ අභිරහස් වල කතාවන් අපේ ලෝකයට හෙළි කළ හැකි විද්‍යාඥයකු ගේ උපත සිදු උණා. ලෝකප්‍රකට තාරකා විද්‍යාඥයකු වුණු ගැලිලියෝ ගැලිලිගේ අභාවයෙන් හරියටම වසර 300 කට පසුව බ්‍රිතාන්‍යයේ ඔක්ස්වර්ඩ් වලදී.

කුඩා කාලයේ දී කියවීමේ දුර්වලතා පෙන්නුවත්,පසුව සිය පියාගේ අභිමතය පරිදි වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සුදානම් වුවත් පාසලේ එම විෂය නොමැති කමින් භෞතික විද්‍යා විෂය හැදෑරීමට ඔහුට සිදු විය. එහෙත් හෝකින් එම  විදුහලෙන් පළමු පන්තියේ ගෞරව උපාධියක්  ලබා ගනිමින් කේම්බ්‍රිජ් සරසවියට ඇතුළු විමට වරම් ලැබිය.

හෝකින් තම ප්‍රියතම විෂය වශයෙන් අජටාකාශගාමී විද්‍යාව (Cosmology) ඔස්සේ සිය පර්යේෂණ අරඹනවා. එමගින් ආචාර උපාධියක් හිමිකර ගන්නා හෝකින් 1979දී ව්‍යවහාරික ගණිතය හා න්‍යායාත්මක භෞතික විද්‍යාදෙපාර්තුමේන්තුවේ ප්‍රධානියා බවට පත් විමට වරම් ලබා ගන්නවා.

වර්ෂ 1963 දී තම 21 වන වියට පා තබන හෝකින්

ට තම ඉදිරි ජීවිතය අභියෝගයක් වෙනවා.  ඔහු Amyotropic lateral sclerosis  නම් රෝගයට ගොදුරු වී ඇති බවත්, තවත් වසර දෙකක කාලයක් පමණක් ඉතුරුව ඇති බවටයි වෛදයය නිර්දේශය වුණේ.
ඒ නිසාම කෙමෙන් කෙමෙන් ඔහුගේ පේශි අක්‍රිය වෙන්න පටන් ගත්තා. ක්ලචර්ස් වලින් ඇවිදිමින් සිටියත් නර්තන කටයුතු වලට පවා සහබාගී වීමට ඔහු අමතක කළේ නැහැ. රෝගයේ දැඩි බව නිසාම අවසානයේ රෝද පුටුවකට ඔහුව සිමා වෙනවා.

ශරීරයේ සියලු පේශි අක්‍රිය වී කම්මුල් පමණක් හැසිරවිය හැකි තරමටම රෝගය උත්සන්න උණේ හෝකින් ව අතිශය අසරනත්වයට පත් කරමින්. නමුත් ඉන්ටෙල් සමාගම හා පරීක්ෂකයන් එක්ව ඔහුට වෙනම තාක්ෂණික පහසුකම් සහිත රෝද පුටුවක් නිර්මාණය කරනවා. එමගි නැවතත් සන්නිවේදනය කිරිමේ හැකියාව ඔහුට උදා වෙනවා.

ඔහුගේ ජිවිතයේ රෝගී බව කිසි දිනෙක අභියෝගයක් කර නොගත් එතුමා විශ්වයේ පවත්නා කළු කුහර න්‍යාය ලෝකයාට ඉදිරිපත් කරමින් කළු කුහරයක් දෙසට ලොව පවත්නා ග්‍රහලෝක ඇදී යන බව පෙන්වා දුන්නා.


තවද General relativity, Quantum gravity, modern cosmology වැනි විශාල පර්යේෂණ හා සොයාගැනීම් රාශියක් සිදු කරමින් තාරක විද්‍යාවේ නොවිසුදුනු අබිරහස් ලෝකයට හෙළි කිරිමට සුවිසල් මෙහෙයක් දැරීය.ගෙවී  ගිය වසර 50ක් තුලම තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ලෝ පුරා මිලියනයකට අධික පිරිසකට තම දැනුම් සම්බාරය බෙදා හැරිය.
විද්‍යාවෙන් පමණක් නොව සාමාන්‍ය ජෙඑවිථයෙදී ද අහිමි වූ දෙය තම ශක්තිය බවට පත් කර ගනිමින් ජීවිතය දිනා ගත යුතු ආකාරය ලොවට පසක් කල මේ මහා යුග පුරුෂයා 2018 මාර්තු 14 වන දින සදහටම දිවි රග මඩලෙන් බැස ගියේ මුළු සිරුඅම අක්‍රිය වී රෝද පුටුවට සිමා වුවත් ඔහු සතු අසාමාන්‍ය බුද්ධිය මිනිස් සංහතියේ අනාගත පැවැත්ම සදහා යොදවන්නේ , ස්ටීවන් හෝකින් 21 වන සියවසේ ලෝකයේ බිහි වූ විශිෂ්ටතම මිනිසකු බව මුළු මහත් විශ්වයට පසක් කරමිනි.













Comments

Post a Comment

Popular posts from this blog

Performance Testing in Software Testing

Why Functional testing?