Internet of Things (IoT)

අද කාලේ IoT එහෙමත් නැත්නම් Internet of Things දැන් නිතරම ඇහෙන වචනයක්  වෙලා තියෙනවා. Google Search ranking list එකෙත් IoT ගැන හොයපු රටවල් අතරින් ලංකාවට නව වෙනි තැන ලැබිල තියනවා. ඉතින් මොකක්ද මේ IoT කියන්නෙ කියලා සරලව පැහැදිලි කරන්නයි මේ උත්සාහය.
Internet of Things  කියන්නෙ එකිනෙකට interconnect වෙලා තියන devices network එකකට.




දැන් අපි බලමු ඇයි මේ  Internet of Things මේ තරම් ම වැදගත් වෙන්නේ කියලා. ඇත්තටම ඔයගොල්ලො දන්නවා පහුගිය ශතවර්ෂයේ ලෝකය තාක්ෂණික වශයෙන් ඉතා වේගවත් දියුණුවක් ලැබුවා. එහිදී information & communication technology (ICT) වලින් ලැබුන දායකත්වය ඉතා විශාලයි. ICT වල ඊලඟ විප්ලයවය වන්නේ IoT හෙවත් Internet of Things වේ. තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ සෑම සමාගමක්ම වගේ IoT තාක්ෂණය වැඩිදියුණු කරන්න විශාල වශයෙන් ආයෝජන හා පර්යේෂණ සිදුකරනවා.

Smart phone එකේ සිට network එකකට connect වෙලා තියන ඕනෙම device එකක් IoT device  එකක් කියලා කියන්න පුළුවන්. Temperature sensor එකක් switch එකක් වගේ සරල දෙයක් වගේම car එකක් building එකක් විතරක් නෙමෙයි city එකක් උනත් internet of things වලට ගන්න පුළුවන්. Smart කියන වචනය එන ගොඩක් ඒවා internet of things concept එක බාවිතා කරනවා. උදාහරණ විදියට Smart phone, Smart meters ,Smart house , Smart city සලකන්න පුළුවන්.

  




අපේ එදිනෙදා ජිවිතයේ වැඩ කාර්යක්ෂමව කර ගන්න IoT devices වලින් ලැබෙන්නේ මනා පිටුවහලක්. Intelligent traffic monitoring හරහා කාර්යක්ෂම රථවාහන හැසිරවීමක් වගේම,වාහන තදබදය ගැනත් දැන ගන්න පුළුවන්. ඒ වගේම තමා  කර්මාන්තශාලා වුනත් නිවසේ සිට ම පාලනය කිරීමේ හැකියාව මේ සමග අපිට උදා වෙනවා. ඇත්තටම කිව්වොත් තාක්ෂණිකව ඔබට සිතිය හැකි බොහෝ දේ Internet of Things  වලින් කරන්න පුළුවන්. 

රටක් විදියට හිතුවොත් අපිට දියුණුව කරා යන්න තියන හොදම ක්‍රමයක් තමයි Internet of Things වලට අදාළ උපාංග නිර්මාණය කර අපනයනය කිරීම.එකට  හේතු කිහිපයක් ම  තියනවා;
  • නිර්මාණයක් සදහා විශාල ප්‍රාග්ධනයක්  අවශය නොවීම
  • සරල සංකල්පයක් මගින් ඉතා වටිනා නිර්මාණයක් බිහිවිමට ඇති හැකියාව
තාක්ෂණික වශයෙන් වේගවත් දියුණුවක් ලබන රටවල් විශාල ප්‍රමාණයක භාවිතයට ගන්න ඉතාමත් හොද වැදගත් සංකල්පයක් වශයෙන් මෙය හඳුන්වන්න පුළුවන්. වර්ෂ 2020 පමණ වන විට මෙම තාක්ෂනය සුලබ වශයෙන්  රටවල් ගණනාවක් අතික්‍රමණය කිරීමට සමත් වන බවයි විද්වතුන්ගේ නම් අදහස. ඉතින්   නිර්මාණශීලි අදහස් තියන ඔයාලටත් පුලුවන් මේ වගේ නිර්මාණයක් අත්හදා  බලන්න.












Comments

Post a Comment

Popular posts from this blog

ස්ටීවන් හෝකින් (Stephen Hawking)

Why Functional testing?

Performance Testing in Software Testing