Posts

Showing posts from March, 2018

The Dark Web

Image
අන්තර්ජාලයේ ආලෝකමත් පැතිකඩේ සිට ලිපියක් කියවන ඔබට අමුතුවෙන් ආයුබෝවන් කියා ඊට පිළිගන්නට දෙයක් නැහැ. අන්තර්ජාලයට පිවිසිය හැකි ඕනෑම කෙනෙක් ගූගල්, යාහූ වැනි සෙවුම් යන්ත්‍රයක් භාවිතා කරමින් කුමන අන්දමේ සෙවුමක් කළත්, තවමත් ඔබ ඉන්නේ අන්තර්ජාලයේ මතුපිට ස්ථරයේ පමණයි. අපි කිසිදා නොදුටු/නොඇසූ ගැඹුරු ස්ථරයන් අන්තර්ජාලය තුළ තිබෙන අතර අන්තර්ජාතික නීති මගින් සහ රාජ්‍ය ප්‍රතිපත්ති නිසා ඒවාට පිවිසීම හැම ආකාරයෙන් ම පාහේ වළකා තිබෙන ආකාරයත් ඔබ දැන සිටියාද? ඒ විධියට “හෙළ ගැඹුරුයි පුත නොබලන්” කියලා රජය නෙවෙයි කවුරු කිව්වත් ඊට ම යොමු වෙන එක තමයි නේ මනුස්ස ගතිය. රජයක් විසින් යමක් නීති විරෝධියි කියලා ලේබල් කරනවා නම් එය බොහෝ විට හොඳ දෙයක් නොවෙන්නට පුළුවන්. හැබැයි, ආලෝකයේ වෙනස පෙනෙන්නට නම් අඳුරත් තිබෙන්නට ඕන. ඉතින් අද අපි බලමු කව්රුත් නොදන්නා අන්තර්ජාලයේ මේ අදුරු පැතිකඩ මොකද්ද කියලා. 1990  මැද භාගයේදී ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් තම බුද්ධිමය රහස් අන්තර්ජාලය තුළ රැකගැනීම උදෙසා රතුළූණු මාර්ගගත කිරීම හෙවත් Onion routeing නම් පෞද්ගලිකත්වය ආරක්ෂා වන පද්ධතියක් සඳහා මූලික අඩිතාලමක් ඇරඹුවා. 1997දී

Internet of Things (IoT)

Image
අද කාලේ IoT එහෙමත් නැත්නම් Internet of Things දැන් නිතරම ඇහෙන වචනයක්  වෙලා තියෙනවා. Google Search ranking list එකෙත් IoT ගැන හොයපු රටවල් අතරින් ලංකාවට නව වෙනි තැන ලැබිල තියනවා. ඉතින් මොකක්ද මේ IoT කියන්නෙ කියලා සරලව පැහැදිලි කරන්නයි මේ උත්සාහය. Internet of Things  කියන්නෙ එකිනෙකට interconnect වෙලා තියන devices network එකකට . දැන් අපි බලමු ඇයි මේ  Internet of Things මේ තරම් ම වැදගත් වෙන්නේ කියලා. ඇත්තටම  ඔයගොල්ලො දන්නවා පහුගිය ශතවර්ෂයේ ලෝකය තාක්ෂණික වශයෙන් ඉතා වේගවත් දියුණුවක් ලැබුවා. එහිදී information & communication technology (ICT) වලින් ලැබුන දායකත්වය ඉතා විශාලයි. ICT වල ඊලඟ විප්ලයවය වන්නේ IoT හෙවත් Internet of Things වේ. තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ සෑම සමාගමක්ම වගේ IoT තාක්ෂණය වැඩිදියුණු කරන්න විශාල වශයෙන් ආයෝජන හා පර්යේෂණ සිදුකරනවා. Smart phone එකේ සිට network එකකට connect වෙලා තියන ඕනෙම device එකක් IoT device  එකක් කියලා කියන්න පුළුවන්. Temperature sensor එකක් switch එකක් වගේ සරල දෙයක් වගේම car එකක් building එකක් විතරක් නෙමෙයි city එකක් උනත් internet of things වලට

ස්ටීවන් හෝකින් (Stephen Hawking)

Image
මේ දවස් වල හැමෝම කතා වෙන දෙයක් තමයි කව්ද මේ ස්ටීවන් හෝකින් කියන්නේ කියලා. ඉතින් අපි අද බලමු කව්ද මේ විශ්වයේ අබිරහස් විසදපු තාරකා මිනිසා කියලා. වර්ෂ 1942 ජනවාරි මාසයේ 8 වෙනිදා ඈත විශ්වයේ අභිරහස් වල කතාවන් අපේ ලෝකයට හෙළි කළ හැකි විද්‍යාඥයකු ගේ උපත සිදු උණා. ලෝකප්‍රකට තාරකා විද්‍යාඥයකු වුණු ගැලිලියෝ ගැලිලිගේ අභාවයෙන් හරියටම වසර 300 කට පසුව බ්‍රිතාන්‍යයේ ඔක්ස්වර්ඩ් වලදී. කුඩා කාලයේ දී කියවීමේ දුර්වලතා පෙන්නුවත්,පසුව සිය පියාගේ අභිමතය පරිදි වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සුදානම් වුවත් පාසලේ එම විෂය නොමැති කමින් භෞතික විද්‍යා විෂය හැදෑරීමට ඔහුට සිදු විය. එහෙත් හෝකින් එම  විදුහලෙන් පළමු පන්තියේ ගෞරව උපාධියක්  ලබා ගනිමින් කේම්බ්‍රිජ් සරසවියට ඇතුළු විමට වරම් ලැබිය. හෝකින් තම ප්‍රියතම විෂය වශයෙන් අජටාකාශගාමී විද්‍යාව (Cosmology) ඔස්සේ සිය පර්යේෂණ අරඹනවා. එමගින් ආචාර උපාධියක් හිමිකර ගන්නා හෝකින් 1979දී ව්‍යවහාරික ගණිතය හා න්‍යායාත්මක භෞතික විද්‍යාදෙපාර්තුමේන්තුවේ ප්‍රධානියා බවට පත් විමට වරම් ලබා ගන්නවා. වර්ෂ 1963 දී තම 21 වන වියට පා තබන හෝකින් ට තම ඉදිරි ජීවිතය අභියෝගයක් වෙනවා.  ඔහු Amyotrop